31.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරකරුවන් 289කට විශේෂ රාජ්‍ය සමාව

සිරකරුවන් 289කට විශේෂ රාජ්‍ය සමාව

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 289 දෙනෙකු නිදහස ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පවසනවා.

ඉන් 06 දෙනෙකු කාන්තාවන් වන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියළුම බන්ධනාගාර මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුළු වැරදි සදහා බන්ධනාගාරගත වූ රැඳවියන් අද (21) දිනයේදී නිදහස් කිරීමට නියමිතයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 19ක්, මහර බන්ධනාගාරයේ රැඳවියන් 30ක්, වාරියපොල බන්ධනාගාරයේ රැඳවියන් 30ක් හා කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 28 දෙනෙක් ඇතුළු මුළු රැදවියන් 289කට මේ අනුව නිදහස හිමි වී තිබෙනවා.