32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රේම සම්බන්ධයක් නිසා අතක් අහිමි වූ තරුණයා

ප්‍රේම සම්බන්ධයක් නිසා අතක් අහිමි වූ තරුණයා

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් තරුණයෙකුගේ අත කපා දැමීමේ පුවතක් කිලිනොච්චිය පොලිස් වසමේ විනායගපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ප්‍රේම සම්බන්ධයක් නතර නොකිරීම නිසා කෝපයට පත් 17 හැවිරිදි පාසල් සිසුවියකගේ ඥාතීන් විසින් කිලිනොච්චියේ, විනයාගපුරම් ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අතක් මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (23) උදෑසන මෙම සිද්ධිය වී ඇති අතර ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සෙන්තිල් කුමාර් තනුජන් නමැති තරුණයෙක්.

තුවාල ලැබූ තරුණයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.