― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsදියණියට වැසිකිලි පිරිසිදුකාරක දියර පොවන්න හැදූ පියා අත්අඩංගුවට

දියණියට වැසිකිලි පිරිසිදුකාරක දියර පොවන්න හැදූ පියා අත්අඩංගුවට

තම දියණියට වැසිකිලි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත් කළ පියෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට විදේශගතව සිටින බිරිඳ මුදල් නොඑවීම හේතුවෙන් කෝපයට පත්ව බිරිඳව බිය වැද්දවීමට මෙලෙස සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි සැකකාර පියා විසින් තම වයස අවුරුදු 06ක දියණියට මෙලෙස වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට උත්සාහ කර ඇති බවයි.

දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (25) අඟුණුකොළපැලැස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.