28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන් 30ක් හදිසියේම රෝහලට

පාසල් සිසුන් 30ක් හදිසියේම රෝහලට

බඹර ප්‍රහාරයට ලක්ව මූතූර් පොලිස් වසමේ පාසලක සිසුන් 30 දෙනෙකු ඊයේ (25) සවස රෝහල්ගත කර තිබෙනවා.

සිසුන් 22ක් හා සිසුවියන් 8 දෙනෙකු ඊට අයත්.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් බවයි මුතූර් පොලීසිය පවසන්නේ.

ඔවුන් ඊයේ සවස පාසලේ අමතර පන්තියකට සහභාගී වී සිට ඇති අතර එම අවස්ථාවේදී අසළ නිවසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තිබෙනවා.

ඒ අනුව පන්තියට සහභාගී වී සිටි සිසුන් පිරිස හා ගුරුවරයාට බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔවුන් මූතූර් රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔවුන් මේ වනවිට මුතූර් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.