26.7 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමව්කිරි සිරවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

මව්කිරි සිරවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

යාපනය, ඉනුවිල් ප්‍රදේශයේ දින 40 ක් වයසැති කුඩා දැරියක් මව්කිරි සිරවීමෙන් ඊයේ (26) පස්වරුවේ මියගොස් තිබෙනවා.

ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි මවක විසින් දින 40 ක් වයසැති සිය දියණියට කිරි පොවා ඇඳෙහි තබා ඇති අතර පසුව ස්වල්ප වේලාවකින් දියණියගේ ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් වහාම තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියණිය රෝහලට රැගෙන එන විටත් මියගොස් සිට ඇති බවයි.

අනතුරුව දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි උගුරේ සිරවීම හේතුවෙන් හටගත් හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා මෙම මරණය සිදුව ඇති බවයි.