32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සේවකයින් 8435කට ස්ථිර පත්වීම්

රජයේ සේවකයින් 8435කට ස්ථිර පත්වීම්

පළාත් පාලන ආයතනවල ස්ථිර නැති සුළු සේවකයන් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවයි මෙම අනුමැතිය ලැබී ඇත්තේ.

ඒ අනුව පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්වුණා.

ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.