29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුද මැද මියගිය ධීවරයින් පස්දෙනාට වන්දි

මුහුද මැද මියගිය ධීවරයින් පස්දෙනාට වන්දි

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩෙවෝන් පුතා ධීවර යාත්‍රාවේ ධීවරයින් පස්දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර අදාළ වන්දි මුදල ලබාදීමට තීරණය කළ බවයි.

ඔවුන් රක්ෂණය වී ඇති බැවින් එක් අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ 50000 ක වන්දියක් ද පිරිනැමීමට නියමිත බවයි ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ද කහවත්ත පැවසුවේ.

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් මියගිය ධීඉවරයින්ගේ මෘත දේහ රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (03) උදෑසන තංගල්ල ධීවර වරායට පැමිණ තිබුණා.