25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොර කසිප්පු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

හොර කසිප්පු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

අනුරාධපුර – තලාව, සුමුදුගම ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තලාව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (03) සවස සිදු කළ වැටලීමකදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

එහිදී තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනව.

වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම ජාවාරම්කරුවන් විසින් කඩු සහ පොලුවලින් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර ස්ථානාධිපතිවරයාට එල්ල වූ කඩු සහ පිහි පහරකින් බරපතල තුවාල ලබා ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙනවා.

තලාව පොලිසිය පවසන්නේ මේ වනවිට එම පහර දුන් පුද්ගලයින්ගෙන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.