― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිර මැදිරියේදී පොලිස් නිලධාරීයෙකුට රැඳවියෙක් පහර දීලා

සිර මැදිරියේදී පොලිස් නිලධාරීයෙකුට රැඳවියෙක් පහර දීලා

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට පසුගියදා බන්ධනාගාර ගත කළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්නැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් බන්ධනාගාර මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එලෙස සිර මැදිරියේ රඳවා සිටි එක් පොලිස් නිලධාරීයෙකුට පසුගිය 10 වැනිදා සැකකරුවකු තුවාල සිදුකර තිබුණා.

රැඳවියා විසින් එම පොලිස් නිලධාරීයාට කුඩා උල් ආයුධයක් වැනි දෙයකින් මුහුණට තුවාල සිදු කර තිබූ අතර ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරියාට මැහුම් 8 ක් යොදා ඇති බව වාර්තා වනවා.

ප්‍රහාරයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.