26.1 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕමානයේදී තෙල් නැවක් ගිලෙයි - ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

ඕමානයේදී තෙල් නැවක් ගිලෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

ඕමානයට ආසන්න මුහුදු තීරයේදී තෙල් ප්‍රවාහන නෞකාවක් පෙරළීමෙන් 16 දෙනෙකුගෙන් යුත් මුළු කාර්ය මණ්ඩලයම අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස පෙරළී ඇත්තේ කොමරෝස් ධජය සහිතව යාත්‍රා කළ ‘ප්‍රෙස්ටීජ් ෆෝල්කන්’ නැමැති නෞකාව බවයි වාර්තා වන්නේ.

රස් මද්‍රකා නගරයට නාවික සැතපුම් 25ක් ගිනිකොන දෙසින් ඩකුම් වරාය නගරය ආසන්නයේදී මෙම තෙල් නැව අනතුරට ලක්ව තිබෙනවා.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ද සිට ඇති අතර නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බවයි ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය පවසන්නේ.

අතුරුදන් වූ කාර්ය මණ්ඩලය සොයා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.