27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅභියෝග රැසක් මැද වැටුප් නොකපා රාජ්‍ය අංශය ආරක්ෂා කළා

අභියෝග රැසක් මැද වැටුප් නොකපා රාජ්‍ය අංශය ආරක්ෂා කළා

කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය වසර දෙකක කාලය ඉතා දුෂ්කර වූත්, අභියෝගාත්මක වූත් කාලයක් ලෙස හැඳින්විය හැකියි. අප මුහුණ දුන් කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බූදය හමුවේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වුණා. ඒ වගේම ඇතැමුන් රැකියා කප්පාදු කිරීමට සිදු වනු ඇතැයි උපකල්පනය කර තිබුණා. රාජ්‍ය සේවය අවුල් වෙයි, කඩා වැටෙයි කියා සිතුවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා‍ ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් සිදු කළ මනා කළමණාකාරීත්වය හේතුවෙන් රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා. සැබැවින්ම එය විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. ඒ සඳහා රාජ්‍ය‍ සේවයේ මෙන්ම මෙරට සියලු පුරවැසියන්ගේ ද පූර්ණ සහාය හිමි වූ බවද කෘතඥපූර්වකව සිහිපත් කරනවා.”