28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටියක අයිස් සමඟ තරුණයෙක් පොලිස් දැලේ

කෝටියක අයිස් සමඟ තරුණයෙක් පොලිස් දැලේ

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනව.

විශේෂ කාර්ය බලකායේ නල්ධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) වත්තල පොලිස් වසමේ ඇවරියවත්ත පාරේ පිහිටි ඔරියන් සැලුන් ආයතනය ඉදිරිපිටදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 513 මිලි ග්‍රෑම් 920 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනව.

එම අවස්ථාවේදීඉ ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 196,500ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.