31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (01) නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය අප්‍රේල් 04 වැනිදා එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

එහිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියා.