28.4 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළිඳක තිබී ගුරුවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ළිඳක තිබී ගුරුවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

වවුනියාව, නෙළුකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී ගුරුවරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඒ අසළින් ගිය පුද්ගලයෙක් විසින් ලබාදුන් තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව, වෙප්පන්කුලම වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීමේ ගුරුවරයෙකු වන ක්‍රිෂාන් නැමැති තරුණයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මළ සිරුර ගොඩගත් ළිඳ අසළ තිබී ගුරුවරයාගේ පාපැදිය, පාවහන් සහ කුඩය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුකුලම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.