26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපන් කෝටියක ගජමුතු සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

පන් කෝටියක ගජමුතු සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට විකිණීමට ගිය ගජමුතු තුනක් සමඟ තරුණයින් සිව් දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වනජීවී හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදීයි මොවුන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, බෝධිරාජපුර, අට්ටවිල්ලුව හා වනාතවිල්ලුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 24, 32, 40 යන වයස් සීමාවල පසුවන්නන් බවයි පොලීසිය පවසන්නේ.

ගුවන් හමුදා උපාය දූතයින් යොදවා අදාළ ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් මෙම ජාවාරම නීතියේ රැහැනට හසු කරගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.