31.7 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය 16 වැනිදා ඇරඹේ

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය 16 වැනිදා ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු මස 16 වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බවයි යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසන්නේ.

ඒ අනුව මගීන්ට http://sailindsri.com/ වෙත පිවිස මගී යාත්‍රා සේවයෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.