― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතිරප්පනේ පාසල් සිසුන් 21 දෙනෙක් හදිසියේම රෝහලට

තිරප්පනේ පාසල් සිසුන් 21 දෙනෙක් හදිසියේම රෝහලට

තිරප්පනේ ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලැබූ සිසුන් 21 දෙනෙකු හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.

තිරප්පනේ, ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

වීදුරුවලින් ආවරණය කළ පංති කාමර තුළ ආහාර ගත් මෙම සිසුන් පිරිස ආහාර ගැනීමෙන් පසු ඇඟ කැසීමේ තත්ත්වයක් හේතුවෙනුයි මෙලෙස රෝහල්ගත කර ඇත්තේ.

රෝහල් ගතකර ඇති සිසුන් 21 දෙනා අතරින් 06 දෙනෙකුගේ ශරීරයේ පලු හා බිබිලි මතු වී ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

සෞඛ්‍ය අංශ ස්ඒක පළ කරන්නේ ආවරණය කර තිබූ පංති කාමරයේ තිබූ දූවිල්ල හෝ වෙනත් තත්ත්යක් මත එම සිසුන්ට මෙම ආසාත්මිකතාව ඇති වන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.