29.5 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැදුරුඔයේ ගිලුණු මවගේ සහ අනෙක් දරුවාගේ සිරුරු හමුවෙයි

දැදුරුඔයේ ගිලුණු මවගේ සහ අනෙක් දරුවාගේ සිරුරු හමුවෙයි

කුරුණෑගල, බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි මවගේ සහ අනෙක් දරුවාගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා.

බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දින නෑමට ගිය 33 හැවිරිදි මවක් සහ ඇයගේ 07 හැවිරිදි සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනා ඊයේ දහවල් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.

කෙසේනමුත් පොලීසිය සඳහන් කළේ දියේ ගිලීමෙන් අතුරුදන් වූ එක් දරුවෙකුගේ සිරුර ඊයේ (25) පස්වරුවේ සොයාගත් බවත් අනෙක් දරුවාගේ හා මවගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයා ග්නැනීමට හැකි වූ බවත්ය.

මොවුන් තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.