― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිරාන් බාසික්ගේ පුත්‍රයා ගුවන්තොටේදී අත්අඩංගුවට

ශිරාන් බාසික්ගේ පුත්‍රයා ගුවන්තොටේදී අත්අඩංගුවට

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස හඳුන්වන ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික් කටුනායක ගුවන්තොටුපොළේදී අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2024.02.16 දින වැල්ලවත්ත නිවාස සංකීර්ණයේ සිදුකල වැටලීමකදී රාජකාරී යෙදී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරුපැදියක් හප්පා පලා ගොස් මොහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට තිබෙනවා.

2024.02.16 වන දින වැල්ලවත්ත හැව්ලොක්සිටි අසළ දී ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින ස්ථානයක් වැටලීමේදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැති ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පුතා වන නදින් බාසික් සහ අංගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේදී රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරිමේදී නිලධාරියාව අනතුරට ලක් කරමින් පොලිස් යතුරු පැදියකට අලාභානි කර මෝටර් රථය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර නදීන් බාසික් පලාගොස් ඇති අතර ප්‍රදේශිය සභා මන්ත්‍රීවරයා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් ස්ථානයේ රත්තරං පවුම් 100 ක්, මෝටර් රථ 03ක්, එම මෝටර් රථ 03 පරික්ෂා කිරීමේදී මෝටර් රථ 03 ක තිබූ හෙරොයින් ග්‍රෑම් 19 ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝනකයක්, ඩිරාම් 535 ක මුදලක් සහ ඩොලර් 161 ක්, නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක් සොයාගනු ලැබුවා.

ඒ අනුව ශිරාන් බාසික්ගේ පුත් නදින් බාසික් අද (28) ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි පසු මිනීමැරීමකට තැත් කිරීම සහ රිය අනතුරක් සිදුකර පලායාම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.