25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක් තුළ නිධන් හෑරූ දෙදෙනෙක් පොලිස් දැලේ

නිවසක් තුළ නිධන් හෑරූ දෙදෙනෙක් පොලිස් දැලේ

ඉතා සූක්ෂම අයුරින් නිවසක් තුළ අනවසරෙන් කැණීම් යන්ත්‍ර උපයෝගි කර ගනිමින් නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අම්පාර කාරන්ගාම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) අම්පාර පොලිස් වසමේ කාරන්ගාම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී නිවසක් තුළ අනවසරෙන් කැණීම් යන්ත්‍ර උපයෝගි කර ගනිමින් අඩි 35ක් පමණ ගැඹුරට නිධන් හාරමින් සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් සහ 47 ක් වන පුදගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා සමඟ වතුර මෝටරයක්, හිල්ටි 01 ක් සහ වයර් කෝඩ් ඇතුළු කැණීම් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.