― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅතුරුදන් වූවන්ගේ ඥාතීන් ත්‍රිකුණාමලයේ විරෝධතාවක

අතුරුදන් වූවන්ගේ ඥාතීන් ත්‍රිකුණාමලයේ විරෝධතාවක

ත්‍රිකුණාමලයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් අද (30) විරෝධතාවක් පැවැත්වුණා.

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ මෙම විරෝධතාව පැවැත්විණි.

මේ සඳහා නැඟෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහභාගී වූ අතර යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම අවධාරණය කරමින් ඔවුන් විරෝධතාවයට එක්ව තිබුණා.

‘OMP යනු ප්‍රෝඩාවක්, අතුරුදහන් වූවන්ට යුක්තිය නැත, අපි ජාත්‍යන්තර යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමු, යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් කරන විට ‘OMP’, ‘Flyers’ සහ ‘Crowing voices’ වැනි සටන් පාඨ කියමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වුණා.

එහිදී පොලීසිය හා විරෝධතාවේ නිරත වූවන් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදු වුණා.