27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිල ඡන්ද ප්‍රතිකා බෙදාහැරීම අදින් ඇරඹේ

නිල ඡන්ද ප්‍රතිකා බෙදාහැරීම අදින් ඇරඹේ

අද සිට නිවෙස් වෙත නිල ඡන්ද ප්‍රතිකා බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සතිය ඇතුළත සියලුම දෙනාට නිල ඡන්ද පත්‍රිකා ලැබීමට සලස්වන බවයි.

එමෙන්ම බාහිර පන්ති ගුරුවරුන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසා කරන කටයුතු මැතිවරණ ප්‍රවර්ධන කටයුතු මැතිවරණ නීතිය අනුව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය උල්ලංඝනය කිරීම් සිදුවන්නට හැකි බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

සැප්තැම්බර් 4, 5, 6 තෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවති අතර යම් හෙයකින් එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට 11 සහ 12 වශයෙන් තැපැල් ඡන්දය ලබාදීම සඳහා අමතර දින දෙකක් ලබාදී තිබෙනවා.