23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිකරණයේ නඩු භාණ්ඩ නැතිවීම ගැන විශේෂ තීරණයක්

අධිකරණයේ නඩු භාණ්ඩ නැතිවීම ගැන විශේෂ තීරණයක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෙරොයින් කිලෝ 12 ක් අස්ථානගත වීම හේතු ⁣කොට ගෙන අධිකරණයේ ඇති සියලුම නඩු ⁣ගොනු සහ ඊට අදාළ නඩු භාණ්ඩ පුද්ගලිකව පරික්ෂා කරන බව ⁣කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සියලුම මත්ද්‍රව්‍ය, විදේශීය මත්පැන්, රත්තරන් ඇතුළු සියලුම නඩු භාණ්ඩ අද සිට ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාගේ පුද්ගලික මැදිහත් විමෙන් පරික්ෂා කිරිමට නියමිතයි.

එමෙන්ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා යටතේ ඇති අනෙකුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරවලද ඉදිරි දිනවලදී මෙලෙස නඩු භාණ්ඩ, නඩු ගොනු පරික්ෂා කරන බව අධිකරණ ආරංචිමාර්ග වාර්තා කරනවා.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පළමු පියවර ලෙස ඊයේ නඩු භාණ්ඩවලට අදාළ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසද රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමට නියමිතයි.