25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිංතොට වෙරළ තීරයේ පුද්ගල පාදයක කොටසක්

ගිංතොට වෙරළ තීරයේ පුද්ගල පාදයක කොටසක්

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයේ තිබී පුද්ගලයකුගේ පාදයක කොටසක් අද (04) හමු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම ස්ථානයට පැමිණි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පාදයක කොටස කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිසියට නියෝග කළ බවයි.

මෙම පාද කොටස කාන්තාවකගේ හෝ පිරිමියකුගේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශනයක් අරඹා තිබෙනවා.