පිලිපීනයේ පැවති ආසියානු – පැසිෆික් කායවර්ධන සහ ශාරීරික නිරූපණ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් 07ක් ඩිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
එහිදී ඔවුන් රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගැනීමට සමත් වුණා.
ඔවුන් ඊයේ රාත්‍රී 09.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.
මෙම තරගාවලිය ලෝක යෝග්‍යතා සම්මේලනය විසින් පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වුණේ රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 213 දෙනෙකුගේ සහභාගීත්වයෙන්.
එහිදී නුවන්ජලී අබේකෝන් බිකිනි සහ ග්ලැමෝර් අංශයෙන් තරග කර රන් පදක්කම් 02 ක් දිනා ගත්තා.
ජී.එස්.චන්දන ද සිල්වා, නිමේද සංදීප සහ ධනුක කෞශල්‍ය විසින් මෙම තරගාවලියේදී රිදී පදක්කම් තුනක් දිනාගනු ලැබුවා.
මීට අමතරව සදුන් කුමාර සහ ධනුක කෞශල්‍ය විසින් ලෝකඩ පදක්කම් දෙකක් ඩිනාගෙන තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් සහ දකුණු ආසියානු ක්‍රීඩා ඇකඩමියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.