29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලයින් කාමර යුගය අහෝසි කරනවා - ජනපති

ලයින් කාමර යුගය අහෝසි කරනවා – ජනපති

ලයින් කාමර යුගය අහෝසි කරන බවත් වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ හපුතලේ පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

අප අලුත් ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට යා යුතු බවත් රටේ ආර්ථිකය ආපනයන ආරථිකයකට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.