25 C
Colombo
Saturday, May 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජබ රැළියේ අනතුරක් - පොලිසියේ 07ක් රෝහලේ

සජබ රැළියේ අනතුරක් – පොලිසියේ 07ක් රෝහලේ

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මහනුවර පැවති මහජන රැළිය අතරතුර සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් 07 දෙනෙක් හා තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප වාර්තාකරු පෑසුවේ අද (09) පස්වරුවේ මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවති මහජන රැළිය අතරතුර සිදු කළ රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් මොවුන් නවදෙනා තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අනෙකුත් ආරාධිත අමුත්තන් පැමිණෙන අවස්ථාවේ රතිඤ්ඤා දැල්වීම සිදුකොට ඇති අතර සජිත් ප්‍රේමදාස පැමිණෙන අවස්ථාවේ දැල්වීම සඳහා කුරුලු උයන නම් ස්ථානයේ පසෙක ගොඩ ගසා තිබූ රතිඤ්ඤා ගොඩකට දැල්වූ රතිඤ්ඤාවල ගිනි පුපුරු පතිත වීමෙන් එම රතිඤ්ඤා ගොඩද හදිසියේ පුපුරා යාම හේතුවෙන් ඒ අසළ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද තුවාල ලැබුවා.

මෙම හදිසි අනතුරින් තුවාල ලැබූවන් මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් බරපතල තත්ත්වයේ රෝගීන් නොමැති බවත් සාමාන්‍ය පිළිස්සුම් තුවාල ලද 09 දෙනා හට ප්‍රතිකාර ලබාදීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ 09 හා 10 වාට්ටු වෙත ඇතුළත් කළ බව මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කළා.