26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්පාඤ්ඤයේදී ලක්මව බැබලවූ නෙත්මි දිවයිනට

ස්පාඤ්ඤයේදී ලක්මව බැබලවූ නෙත්මි දිවයිනට

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා ක්‍රීඩිකාව ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නෙත්මි අහිංසා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ලෝක මල්ලවපොර ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්පා (ඵොන්ටෙවෙඩ්පා නගරයේ ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

මෙම තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගත් නෙත්මි ඊයේ රාත්‍රී 08.40 ට අබුඩාබි නුවර සිට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී අදහස් දැක්වූ නෙත්මි අහිංසා,

මම කසකස්ථාන, බල්ගේරියානු සහ හංගේරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 -00 ලෙස පරාජය කළා. ලෝක ශූර චීන ක්‍රීඩිකාව සමඟ 2 -2 ක් ලෙස කරට කර තරඟග කරමින් සිටියදී එම තරගයේ දී අවාසනාවන්ත ලෙස පරාජය වුනා. ඉන්පසුව තුන් වැනි ස්ථානය සඳහා රුසියානු ක්‍රීඩිකාව සමඟ තරග කර ඇය 6 – 2 ක් ලෙස පරාජය කරමින් කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ඇය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.