32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙදරු පියෙක් ගෙල වැළලාගෙන මියයයි

දෙදරු පියෙක් ගෙල වැළලාගෙන මියයයි

පයාගල, හාල්කඳව්ල, සිංහගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා යාබද වත්තක පිහිටි පාලු නිවසක ඉදිරිපස බාල්කයේ එල්ලී මියගොස් සිටියදී සිරුර හමු වූ බවයි පයාගල පොලිසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි ගුලවිට ගණිතගේ සුමිත් වීරසිංහ නැමැති අයෙක්.

මියගිය තැනැත්තා ඊයේ (11) උදෑසන තම සොයුරාගේ නිවසට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර සවස් වන වනතෙක් ඔහු නිවසට නොපැමිණීම නිසා නිවැසියන් ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව මොහු පිළිබඳව අවට ප්‍රදේශවලින්ද විමසා තිබෙනවා.

එහිදී සිදු කළ සොයා බැලීමේදීයි යාබද පාලු වත්තක ඇති නිවසේ මොහු සියදිවි නසාගෙන ඇති අයුරු ප්‍රදේශවාසීන් දැක ඇත්තේ.

ඉන්පසු ඔවුන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.