― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා පාපන්දු ශූරයින් දිවයිනට

ශ්‍රී ලංකා පාපන්දු ශූරයින් දිවයිනට

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 වැනිදා කාම්බෝජය සමඟ කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් කාම්බෝජයේ නොන්පෙන් නුවර පසුගියදා (10) පැවැත්වුණා.

එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි.