29.5 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභූමිතෙල් මිල සංශෝධනය කෙරේ

භූමිතෙල් මිල සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වනු ඇති.

භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 183ක්.

එමෙන්ම ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද දැනුම් දී ඇත්තේ සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය අනුව කටයුතු කරන බවයි