27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගුවන් අනතුරක් – දෙදෙනෙක් මරුට

තවත් ගුවන් අනතුරක් – දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ වාණිජ ගොඩනැගිල්ලකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන්ගෙන් දස දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, අනෙක් අටදෙනා එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන් වේ.

මෙම අනතුර බ්‍රහස්පතින්දා පස්වරුවේ සිදුවී තිබේ.

අනතුර සිදුවුයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

මියගිය පුද්ගලයින් දෙදෙනා කම්කරුවන් ද යානයේ සිටි අය ද යන්න පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.