24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අත්අඩංගුවට

යාපනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අත්අඩංගුවට

අනුරාධපුර පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා අද (29) සවස යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පසුගිය ජනවාරි 20 වන දින රාත්‍රියේ අනුරාධපුර ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී ලෙස බලහත්කාරකම් කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කර සිටින්නේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටුවීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා අධිකරණය වෙත වාර්තා ඉදිරිපත් කර තිබිණි.