― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැන්ග­රු­ව­න් පිටියේ රඟද්දී ශ්‍රී ලංකාව ලකුණු 610ක් පසු­ප­සින්

කැන්ග­රු­ව­න් පිටියේ රඟද්දී ශ්‍රී ලංකාව ලකුණු 610ක් පසු­ප­සින්

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දින තරග කටයුතු අද (31) ආරම්භ වීමට නියමිතය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමු පන්දුවාරය ලබා ගනිමින් වසර 30කට පසු විදේශ බිමක දී ලකුණු 654ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

ඔස්ට්‍රේලියානු ඉනිමෙහි උස්මාන් කවාජා ලකුණු 232ක්, ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් සහ ජෝෂ් ඉංග්ලිස් ලකුණු 102ක් ලබා ගනිමින් ශතක තුනක් වාර්තා කළේය. එමෙන්ම ට්‍රවිස් හෙඩි ලකුණු 57ක් ද, ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 46ක් ද රැස් කරමින් සිය දක්ෂතා පෙන්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දින තරග නිමාව වන විට කඩුලු 3ක් දැවී ලකුණු 44ක් පමණක් රැස්කර තිබිණි. ඕෂධ ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්න ලකුණු 7 බැගින් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9ක් ද ලබා දැවී ගියහ.

ශ්‍රී ලංකා කඩුලු තුනෙන් දෙකක් දඟපන්දු යවන්නන් වන කුහ්නමන් සහ ලියෝන් විසින් ද, එක් කඩුල්ලක් මිචෙල් ස්ටාක් විසින් ද බිඳ දැමීය. දැනට ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 610කින් පසුපසින් සිටී.