― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsමිලියන 14ක මූල්‍ය වංචාවක්

මිලියන 14ක මූල්‍ය වංචාවක්

රුපියල් මිලියන 14ක වංචනික ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් පහකර, තවත් නිලධාරිනියක වැඩ තහනම් කිරීමට තීරණය කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් මෙම තීරණය අනුව, 2023 වසරේ සිදු කළ වංචනික ටෙන්ඩර් ක්‍රියාවලියට සම්බන්ධ බවට තහවුරු වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිශාන්ත පටබැඳිගේ මහතා චෝදනා 33කින් 31කට වරදකරු වී ඇත.

එමෙන්ම, මාධ්‍ය කළමනාකරු වජිරපානි බණ්ඩාරනායක මහතාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා 39න් 34කට වරදකරු වී ඇති අතර, ඔවුන් දෙදෙනාම සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව, වාහන අවභාවිතය සහ අර්ථසාධක අරමුදලින් ලබාගත් ණය මුදලක් සම්බන්ධ මූල්‍ය විෂමාචාර චෝදනාවකට ලක්ව සිටි අතිරේක මුදල් කළමනාකාරිනී ගණකාධිකාරි තුෂාරි ත්‍රීමවිතාන මහත්මිය වැඩ තහනමකට ලක් කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කළ මූලික විමර්ශනයකින් අනතුරුවයි.

අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණ ගෙන ඇත්තේ විශේෂ විමර්ශන ඒකකයේ නිරීක්ෂණ සැලකිල්ලට ගනිමිනි.