― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද අත්අඩංගුවට

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද අත්අඩංගුවට

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇත.