― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීව උණ්ඩ සොයා ගනී

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීව උණ්ඩ සොයා ගනී

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට මෙම ජීව උණ්ඩ හමුවී තිබේ.

ඉන් පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීව උණ්ඩ බෙදා දී ඇති බව පොලීසිය පවසයි.

එක් දරුවෙක් තමන්ට ලැබුණු ජීව උණ්ඩය නිවසට ගිය පසු ලිපට දමා ඇත. එහිදී උණ්ඩය පුපුරා ගොස් ඇති අතර නිවෙස් හිමියන් ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී තිබේ. පසුව යුද හමුදාව, පොලීසිය නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත.දරුවන් සතුව තිබී ජීව උණ්ඩ 30ක් පමණ සොයාගත් බව වාර්තා වේ.

ඒ අනුව අනෙක් දරුවන්ගේ නිවාසද පරීක්ෂා කර බැලීමෙදී දරුවන් සතුව තිබී මෙම ජීව උණ්ඩ සොයාගෙන ඇත. පළමුවෙන්ම මෙම ජීව උණ්ඩ හමු වූ දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ එම දරුවාට එම උණ්ඩ හමු වී ඇත්තේ ඔවුන්ගේ නිවෙස් අසලම පිහිටි තවත් නිවස දර මඩුවක තිබියදී බවය.ඒ සම්බන්ධයෙන් හසකල පොලීසිය පරීක්ෂණ පවත්වයි.