27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙන්න මේ ප්‍රෙද්ශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

මෙන්න මේ ප්‍රෙද්ශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.