29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට පුරා විදුලිය ඇනහිටියේ වඳුරෙක් නිසා බව විදුලි බල ඇමැති යළිත් කියයි

රට පුරා විදුලිය ඇනහිටියේ වඳුරෙක් නිසා බව විදුලි බල ඇමැති යළිත් කියයි

පසුගිය මස 15 වැනිදා දිවයින පුරා විදුලිය හදිසියේ ඇනහිටීමට වඳුරෙක් හේතු වූ බවට බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කළ ප්‍රකාශය වගකීමකින් තොරව සිදු කළ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලශක්ති අමාත්‍යංශයේ කාරක සභා වැය ශීර්ෂ විවාදයේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම අවස්ථාවේ අමාත්‍යවරයා හඳපාන්ගොඩ වෙළඉහළගෙදර තම මිතුරන් සමග සිටි බවත්, ඔහුගේ වගකීම් විරහිත ප්‍රකාශය නිසා මුළු අමාත්‍ය මණ්ඩලය සහ රටේ ජනතාව අපහසුතාවයට පත් වූ බවත්ය.

විදුලි බලය ඇනහිටීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය පෙබරවාරි 18 වැනිදා නිකුත් කළ නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ විදුලිය ඇනහිටීමට හේතුව වඳුරෙක් නොව, විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ඉරිදාට විදුලි පරිහරණය අඩු බවත්, එදිනට ජාතික විදුලි බල පද්ධතියේ ඇතිවන අසමතුලිතතාවය නැති කිරීමට පියවර ගත යුතු බවත් මාස 6ක් තිස්සේ සාකච්ඡා කර ඇති නමුත්, විදුලි බල මණ්ඩලය ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බවයි.

මේ අතර, විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කර ඇත්තේ එදින විදුලි බලය ඇනහිටීමට වඳුරෙක් බලපෑ බවත්, විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ එම කරුණ සඳහන් කර නොමැති බවත්ය.