25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක් බිඳ දේපොළ සොරකම් කළ සුරූපී කාන්තාවන් අත්අඩංගුවට

නිවසක් බිඳ දේපොළ සොරකම් කළ සුරූපී කාන්තාවන් අත්අඩංගුවට

නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී නිවසකට ඇතුළුවී රුපියල් 639,000ක මුදලක් සොරකම් කළ බවට කාන්තාවන් තිදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් අනුව වැටලීමක් සිදුකර, ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සොරකම් කළ දේපොළවලින් කොටසක් දැනටමත් පොලිස් භාරයට ගෙන ඇති අතර, මොරටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.