26.7 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

විකිණීමට සුදානම් කර තිබූ ග්‍රෑම් 170 ක් පමණ වූ ගජමුතුවක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

ලද තොරතුරක් මත ඊයේ (28) පස්වරුවේ කොළඹ, කොම්පඤ්ඤවීදිය ජේමිස් පීරිස් මාවතේදී සිදුකළ වැටලීමක දී  මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරුවන් අවුරුදු 31 හා 27 වයසේ පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.