30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැඩ පහරට ගසාගෙන ගිය කාන්තාවක් බේරා ගනී

සැඩ පහරට ගසාගෙන ගිය කාන්තාවක් බේරා ගනී

ඊයේ (09) පස්වරුවේ මල්වතු ඔය පරණ පාලම අසල නාන තොටුපලේ දිය නාමින් සිටි කාන්තාවක් සැඩ පහරට ගසාගෙන යන අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් බේරාගෙන තිබෙනවා.

මෙලෙස ඇයව බේරාගෙන ඇත්තේ, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 66640 රංජිත්, පොලිස් කොස්තාපල් 76785 නිෂාන්ත හා පොලිස් කොස්තාපල් 93809 ලියනගේ යන නිලධාරින් විසින්.

එම කාන්තාව බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් ඥාතින් වෙත භාරදි තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.