30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිට දැනට වඩා අති දැවැන්ත ආරක්ෂාවක් ඕන

ජනපතිට දැනට වඩා අති දැවැන්ත ආරක්ෂාවක් ඕන

ජනාධිපතිවරයාට දැනට වඩා අති දැවැන්ත ආරක්ෂාවක් ලබා දිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය නම් ඒ සඳහා හෙලිකොප්ටර් ද භාවිත කළ යුතු බවයි.

අධිවේගයේ ජනාධිපතිවරයා යන බව සඳහන් කරමින් පසුගියදා වීඩියෝවක් නිකුත් කර තිබූ බවත් ජනාධිපතිවරයා යන ස්ථානයට තවත් අනිවාර්යෙන් යා යුතු පිරිසක් ඇති නිසා එහි රථ පෙළක් ගමන් කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

මෙම රථ පෙළ පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සමග සමාන යැයි ප්‍රකාශ කිරීම ඉතාම මෝඩ මතයක් බව ද ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මේ බව කීය.