― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 5ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් රේගුවේ භාරයට

කෝටි 5ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් රේගුවේ භාරයට

රේගුව අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් කෝටි 5ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් විනාශ කිරීම සදහා දුම්කොල සමාගම වෙත භාරදීම (28) සිදුකෙරුණා.

මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපල ඉතිහාසයේ සොයාගත් විශාලතම සහ/ ගුවන් භාණ්ඩ ගම්මානයේ තිබී අත්අඩංගුවට ගත් පළමු දුම්වැටි තොගය මෙය වනවා.

දුම්වැටි තොගය පසුගිය ජනවාරි 9 සහ 11 දිනවල ඩුබායි සිට එංගලන්තයේ ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් වෙත යැවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත එවා තිබුණා.

මාර්ගගත භාණ්ඩ ශ්‍රී ලංකාව හරහා රැගෙන යාමේදී ඒවායේ අඩංගු ද්‍රව්‍ය නිවැරදිව රේගුවට ප්‍රකාශ කළ යුතු වනවා.

එහෙත් මේවා මෙරටට එවා තිබුණේ තුවා සහ ප්ලාස්ටික් කෝප්ප බවට රේගුවට ප්‍රකාශ කරමින්.

මෙලෙස එවා තිබූ භාණ්ඩ අතර දුම්වැටි 2,239,400ක් රේගුව විසින් සොයා ගත්තා.

මෙලෙස ජාත්‍යන්තර වශයෙන් ජාවාරම් සිදුකරන්නන්ට ශ්‍රී ලංකාව ඔවුන්ගේ නීතිවිරෝධී භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට ඉඩ නොදෙන බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා.

දුම්වැටි තොගය පිළිබද විධිමත් විමර්ශන සිදුකිරීමෙන් පසු ඒවා විනාශ කිරීම සඳහා දුම්කොල සමාගම වෙත භාරදීම කටුනායක ගුවන් තොටුපලේදී (28) සිදුකෙරුණා.