25.6 C
Colombo
Tuesday, May 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි.

දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා.

විනයකර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්.

ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනකයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිනි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

උන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වනවා.