32.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දඩයක්

සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී (1) පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණඩායම නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (1) නිවේදනය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කළ බවත් ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක වරද පිළිගත් බවත් එම සභාව කියයි.

එම තරගයේදී ප්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉක්නෝ චාබි සහ රිචඩ් කෙට්ල්බරෝ, තුන්වැනි විනිසුරු පර්සිවල් සිසාරා සහ සිව්වන විනිසුරු ෆෝස්ටර් මුටිස්වා එම පැමිණිල්ල කළ බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩි දුරටත් නිවේදනය කළේය.