26.1 C
Colombo
Monday, May 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජිනීවා අවධානමක් ප්‍රතිභා හෙළි කරයි

ජිනීවා අවධානමක් ප්‍රතිභා හෙළි කරයි

මෙවර ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

එය 2010 වර්ෂයේ සිට එක දිගට අලුත් වේවි එන යෝජනාවක් බවත් මෙම යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්දියාව දකුණු අප්‍රිකාව සහ ජපානය යන රටවල් දිනා ගතහොත් මෙම යෝජනාව ඉදිරියට ගෙන යා නොහැකි බව ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

ජිනීවා නිර්දේශ ඉටු කිරීමට පෙර රජයන් පොරොන්දු දී ඇති නමුත් රජයන් වෙනස් වන විට මේ තත්වය ගොඩක් වෙලාවට වෙනස්වන බව ද ඔහු සඳහන් කළේය.