31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමුන් වෙනුවෙන් සතියක්

ළමුන් වෙනුවෙන් සතියක්

එළඹෙන (25) වැනිදා සිට ඔක්තෝබර් (01) දින දක්වා “ළමා දින ජාතික සතියක්” ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් (01) දින ලෝක ළමා දිනය ලෙස පිළිගෙන සමරනු ලබයි.

මෙම වසරේදී “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025-09-25 දිනෙන් ආරම්භව 2025-10-01 දින දක්වා ප්‍රධාන ජාතික සැමරුම ඇතුළත්ව “ළමා දින ජාතික සතියක්” ප්‍රකාශයට පත් කිරීමටත්, ඒ යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.