28.4 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී තරුණයෙක් මරුට

යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී තරුණයෙක් මරුට

බිංගිරිය පොලිස් වසමේ හමන්නාපහුව දළුපොත මාර්ගයේ ගුරුළුවෙල ප්‍රදේශයේදී මාරක අනතුරක් සිදුව තිබෙනවා.

දළුපොත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.