28.4 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිද්‍යාගාරයක රසායනික ද්‍රව්‍යයක් ශරීර ගත වී දරුවන් 7ක් රෝහලේ

විද්‍යාගාරයක රසායනික ද්‍රව්‍යයක් ශරීර ගත වී දරුවන් 7ක් රෝහලේ

විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු 07 දින දඹුල්ල මූලික රෝහලට හත්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

දඹුල්ල පොලිසිය පැවසුවේ, පිරිමි දරුවන් පස්දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු මෙසේ රෝහල්ගත කර තිබෙන බවයි.

සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්.කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ  විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත්  විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවය.

ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැ ගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා ඇති බවට තොරතුරු වාර්තා වේ.